නාගලන්ගම සහ වේල්ලවීදියේ පුද්ගලයින් 100ක් නිරෝධායනයට

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මඟ හැර සිට කෙරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් සමඟ සබඳතා පැවැත් වූ කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 100 දෙනෙක් නිරෝධායනයට යොමු කර තිබේ.

අද (15) දිනයේ දී මෙම පිරිස ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති නාවික හමුදා මැරීන් බළඝණ මූලස්ථානයෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මඟ හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් පසු නිරෝධායන කටයුතු සඳහා යොමු කරන ලද අතර, එහිදී එම කණ්ඩායමේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට තහවුරු විය.

මෙම පිරසේ සිටි ඇතැම් පුද්ගලයින් සමඟ සබඳතා පවත් වන ලද කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම ප්‍රදේශයන්හි පුද්ගලයින් 100 දෙනෙකු මේ අනුව අද නිරෝධානයනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.

මෙම පිරිසට කාන්තාවන් 07ක් සහ පිරිමි පුද්ගලයින් 93ක් ඇතුලත් වන අතර, පවතින තත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත මෙම පුද්ගලයින් මූලික සෞඛ්‍ය පරීක්‍ෂණයකින් පසු මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

නාගලන්ගම සහ වේල්ලවීදියේ පුද්ගලයින් 100ක් නිරෝධායනයට

Recommended For You

About the Author: Editor