
වී, එළවළු, ලොකු ළූණු සහ අතිරේක බෝග වගාවන් සඳහා යොදන මූලික පොහොරවල හිඟයක් පවතින බව ප්‍රදේශ රැසකින් වාර්තා වෙයි.
රජයේ ඉල්ලීම පරිදි අලුත් අවුරුද්දට පෙර ගොවීන් යල කන්නයේ වගා කටයුතු නියමිත කාලයට පෙර ආරම්භ කල අතර පොහොර නිසි පරිදි නොලැබීම හේතුවෙන් ඔවුන් පත්ව තිබෙන්නේ දැඩි අසීරුතාවයකටයි.
මේ හේතුවෙන් කෘෂි ද්‍රව්‍ය අලෙවි සැල්වල ගොවීන් අළුයම් කාලයේ සිට පෝලිම්වල පොහොර ලබා ගැනීම සඳහා පැමිණ සිටියේය.