මෙරට රාමසාන් උපවාස සමය ආරම්භ කිරීම අනිද්දා සිට

අනිද්දා (25) එනම්, එළබෙන සෙනසුරාදා සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහා පල්ලිය නිවේදනය කර තිබේ.

අද (23) දිනයේ නව සඳ නොපෙනුන බවද එම නිවේදනයේ සඳහන් විය.

ඉස්ලාමීය බැතිමතුන් හරසරින් සමරන ඊදුල් ෆිතර් දිනය රාමසාන් දිනය ලෙස හදුන්වනු ලැබේ.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව සඳ උදා වීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය ඇරඹෙනු ඇති.

ඒ අනුව පුරා මාසයක පමණ කාලයක් උපවාස ශීලය ආරක්ෂා කරන මුස්ලිම් බැතිමතුන් එය අවසන් කරන්නේ ඊළඟ නව සඳ දිස්වීමත් සමඟයි.

එලෙස නව සඳ දිස්වීමත් සමඟ උදාවන දිනය “රාමසාන් දිනය” ලෙස හැදින්වෙන අතර එය ඉස්ලාම් බැතිමතුන්ට ආගමික වශයෙන් සුවිශේෂි දිනයක් ලෙසට සැලකෙයි.

Recommended For You

About the Author: Editor